බීමත්කම නිසා 80ක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර පතයි

බීමත්කම නිසා 80ක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර පතයි

April 15, 2019   06:48 pm

අවුරුදු දින (14) හා ‍පරණ අවුරුදු දා  රිය අනතුරුවලට  ලක්ව තුවාල ලැබූ 80  දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුල් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

‍මෙම අනතුරුවලින් බහුතරයක් ත්‍රීරෝද රථ හා යතුරුපැදි අනතුරු බව වාර්තාවේ .

බීමත්ව රිය පැදවීමද ඇතැම් අනතුරුවලට හේතු වී තිබෙන බව පොලිසිය සදහන් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර පහරදීම් හා කැපුම් කෙටුම් තුවාල වල ලක්වූවන් 12 දෙනෙක්ද බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ .