ග්‍රාම ශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව අද

ග්‍රාම ශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව අද

February 18, 2019   06:57 am

ග්‍රාම ශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද(18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දිළිඳුකම පිටු දැකීම සඳහා වු ජනාධිපති මඟපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන මෙම වැඩසටහන අද පෙරවරුවේ ගම්පහ ගනේගම ප්‍රදේශයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

2018 වසරේ දී කොළඹ,කළුතර,ගම්පහ දිස්ත්‍රික්කවල දිළිඳු ජනතාවගේ ආර්ථික සමෘද්ධිය උදාකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වු ග්‍රාම ශක්ති වැඩපිළිවෙලේ  ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල  පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

මේ අතර බස්නාහිර පළාත් ග්‍රාම ශක්ති සහ පෞද්ගලික සම්ගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට ද  අද අත්සන් කිරීමට ද නියමිතයි.

මෙතෙක් ජනසවිය, සමෘද්ධිය, දිවිනැගුම ආදි සමාජ සුබ සාධන  වැඩසටහන් අතරින්, වඩා ප්‍රගතිශීලී සහ ජනතාවාදි වැඩසටහනක් ලෙස ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පසුගිය වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ  ග්‍රාම ශක්ති සමිති සඳහා රුපියල් මිලියන 47 ප්‍රතිපාදන ලබා දී තිබේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 39ක් සහ කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 42ක ප්‍රතිපාදන ලබා දී ඇති බව සඳහන්ය.