බදියුදීන්ටත් ඇමති පුටුවක් එපා කියයි

බදියුදීන්ටත් ඇමති පුටුවක් එපා කියයි

December 18, 2018   04:53 pm

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ද ස්ව කැමැත්තෙන් අමාත්‍ය ධුර ලබා ගැනීමකින් තොරව වුවද ආණ්ඩු පක්ෂයට සිය සහය පල කිරීමට සූදානමින් සිටින බව මනෝ ගනේෂන් මහතා පවසයි.

මනෝ ගනේෂන් මහතා ද එම තීරණය ගෙන ඇති අතර තමා මෙන්ම  රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඒ සඳහා කැමැත්ත පල කළ බව මනෝ ගනේෂන් මහතා සිය ටුවිටර් ගිණුමේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්නම් තමන් අමාත්‍ය ධුර ලබා නොගෙන සිටීමට තීරණය කල බව මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේය.