මංගලාරාම හිමි OIC දෙහි කපයි

මංගලාරාම හිමි OIC දෙහි කපයි

December 5, 2018   09:08 pm

පසුගිය විසිවනදා සිදුවු රිය අනතුරක් හේතුවෙන් මියගිය අම්පාර මංගලගම ප්‍රදේශයේ දෙදරු මවකගේ අවමඟුල් කටයුතු සිදුකරන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

අදාළ අනතුරු සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොකළ බවට මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයාට මංගලාරාමාධිපති හිමියන් විසින් චෝදනා එල්ල කිරීම හේතුවෙන්ය.

අදහස් දක්වමින් මංගලාරාමාධිපති හිමියන් මේ බව පැවසීය.

“OIC ඔබ නීතීය කළා නම් මේ මාධ්‍යයට කියන්න, මේ මාධ්‍යයට කියන්න මෙන්න මයික් එක, ගරුතර හාමුදුරුවනේ නෙමෙයි, මේ තමුසේගේ හොර වැඩ නිසා, මේ පළාතම කම්පාවට පත්වෙලා තියෙන්නේ, තමුසෙගේ රාජකාරිය බලු රාජකාරියක් නිසා, පළාතටම හෙන ගහලා තියෙන්නේ උඹ වෙන එකෙක් හැප්පුනානම්, ඌට ගන්න තීරණය මොකක්ද?

රෙකෝඩ් කරපල්ලා , වීඩීයෝ කරපල්ලා, ගිහින් දීපල්ලා උසාවියට, මේ හොරා හම්බ කරගෙන කාලා, මේ ගෑනිගේ ජිවිතේ පාවාලා දුන්නා උඹට කරන්න පුළුවන් දෙයක් කරපන්, ජාතිය වෙනුවෙන් අපි කතා කරන්නේ, සමාජය වෙනුවෙන් අපි කතා කරන්නේ, සාධාරණත්වය වෙනුවෙන් අපි කතා කරන්නේ, හත්දෙනෙක් හප්පපු එකා නිදහස් කරලා ගෙදර යැව්ව, වැඩක්ද මංගලගම පොලිසිය. 

මේ අතර මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ චෝදනා වලට ප්‍රතිචාර දක් වන ලදි.