බදියුදීන්-අසාද්-හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිලි 21ක්

බදියුදීන්-අසාද්-හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිලි 21ක්

June 12, 2019   06:35 pm

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් විය.

ඒ අනුව අද (12) පස්වරු 3 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසෙකර මහතා පවසයි.

ඔහු පැවසුවේ අදාල කාල සීමාව අවසන් වන විට පැමිණිලි 21ක් ලැබි තිබු බවයි.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් සතියක කාලයක් ලබාදී තිබුණි.

ඒ අනුව ඊයේ (11) දිනය වන විට ඔවුන්ට එරෙහිව පැමිණිලි 11ක් ලැබී තිබූ බව වාර්තා වෙයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද අද පෙරවරුවේ රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම අසේල සම්පත් මහතා,නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා, පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා ,නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ,ඊලවේන්ද්‍රන් පීරිස් මහතා,අන්තෝනි ජයරත්න මහතා සහ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරේහිව පැමිණිලි 5ක් ලැබී ඇත.

එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා,ප්‍රේමනාත් දොලවත්ත මහතා, රුවන් ෆොන්සේකා මහතා, උපුල් රංජිත් ජයසේන මහතා සහ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ය.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 2 ක් ලැබි ඇත.

එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත සහ තිරුගරාජා නගුලේෂ්වරන් මහතාය.

ඊට අමතරව රිෂාඩ් බදුයුදීන් හා හිස්බුල්ලා යනමහත්වරුට දෙදෙනාටම එරෙහිව විජයනන්ද චන්ද්‍රදේව මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම තිදෙනාටම එරෙහිව පැමිණිලි 2 ක් ඉදිරිපත් කර ඇති අතර එය පුජ්‍ය වත්තේහේන විජිත හිමි සහ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් ඉදිරිපත් කර ඇත.