බදියුදීන්-අසාද්-හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න දුන් කාලය අදින් අවසන්

බදියුදීන්-අසාද්-හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න දුන් කාලය අදින් අවසන්

June 12, 2019   12:51 pm

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අද පස්වරු 4 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් සතියක කාලයක් ලබාදී තිබුණි.

ඒ අනුව ඊයේ දිනය වන විට ඔවුන්ට එරෙහිව පැමිණිලි 11ක් ලැබී තිබූ බව වාර්තා වෙයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද අද පෙරවරුවේ රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.