සයුරෙන් එතෙර
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්
August 8, 2026 04:00 pm
ඉන්දියාවේ විදේශ විනිමය වත්කම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජූලි 10 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 964 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 675.157 දක්වා වර්ධනය වී ඇති බව ඉන්දීය මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
ඉන්දීය මහ බැංකු දත්තවලට අනුව, විදේශ විනිමය සංචිතයේ විශාලතම කොටස වන විදේශ විනිමය වත්කම්, අදාළ සතිය තුළ ඩොලර් මිලියන 930 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 546.508 ක් දක්වා වර්ධනය වී තිබේ.
ඉන්දියානු රුපියල්වලින් මෙය රුපියල් කෝටි 14,078 ක ඉහළ යාමකි.
එම සතිය තුළ ඉන්දියාවේ රන් සංචිත ද වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව රන් සංචිතය ඩොලර් මිලියන 24 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 105.230 ක් බවට පත්ව ඇත.
