අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට
සයුරෙන් එතෙර

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

July 29, 2026   12:44 pm

අමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයේ සන්නද්ධ කඳවුරු ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්  10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් එම සන්නද්ධ බලකායේ ප්‍රකාශකයින් මෙම තොරතුරු තහවුරු කර තිබේ.

මෙම ඒකාබද්ධ ප්‍රහාර ඉරාකයේ ප්‍රාන්ත කිහිපයකටම එල්ල වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ 'නිනවෙහ්' (Nineveh) ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරවලිනි.

අමෙරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි පසුගිය දින කිහිපය තුළ අමෙරිකානු හමුදා සහ සෞදි අරාබියේ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ඒකාබද්ධ ප්‍රහාරය දියත් කළ බවයි.