සයුරෙන් එතෙර
රුසියානු ප්‍රහාරවලින් කියෙව් අගනුවර 19ක් මරුට
July 6, 2026 06:49 pm
රුසියාව විසින් යුක්රේනයේ කියෙව් (Kyiv) අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 23න් එක් මිසයිලක්වත් බිම හෙළීමට යුක්රේනයට නොහැකි වී ඇත්තේ ආරක්ෂක මිසයිල දරුණු ලෙස හිඟවීම නිසා බව යුක්රේන ගුවන් හමුදාව පවසයි.
මෙම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
මේ අතර යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි බටහිර මිත්‍ර රටවලින් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය දියුණු ගුවන් ආරක්ෂක පද්ධති කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
යුක්රේනය ද රුසියාවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ද සඳහන් වෙයි.
