ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
සයුරෙන් එතෙර

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

May 3, 2026   09:01 am

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇති අතර Brent බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙසය.

මීට අමතරව Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ අප්‍රේල් මාසයේදී තෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.23 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව මෙය 2018න් පසුව වාර්තා වූ ඉහළම අගය බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.