අසල්වැසි රටවලට ඉන්දියාවෙන් ඉන්ධන ලැබෙයිද ?
සයුරෙන් එතෙර

අසල්වැසි රටවලට ඉන්දියාවෙන් ඉන්ධන ලැබෙයිද ?

April 4, 2026   06:55 am

බටහිර ආසියාවේ සහ ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ලොව පුරා රටවල් කිහිපයක ඉන්ධන අර්බුදයක් හටගෙන ඇති පසුබිමක, බංග්ලාදේශය විසින් ඩීසල් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් මේ වනවිට සලකා බලමින් සිටින බව ඉන්දියාව පවසයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි අනෙකුත් රටවල් ද මෙලෙස ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලා තිබුණි.

නවදිල්ලි අගනුවර පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

එහිදී ජයිස්වාල් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියාව යනු පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන, විශේෂයෙන් අසල්වැසි රටවල ඉන්ධන අවශ්‍යතා සපුරන ප්‍රධාන රටක් බවය.