අතුරුදන් අමෙරිකානු නියමුවා හොයන්න ඉරානයෙනුත් මෙහෙයුමක්
April 4, 2026 08:55 am
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානයද මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ඒ අනුව එම නියමුවා සොයාදෙන්නෙකුට ත්‍යාගයක් ලබා දෙන බවට ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක්ද වී තිබේ.
දකුණු ඉරානයේ දී ඊයේ (3) මෙලෙස බිම හෙළන ලද්දේ 'F-15' වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් වන අතර, එහි සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට හැකිවිය.
කෙසේ නමුත් අතුරුදන් නියමුවාට කුමක් සිදුවී ඇත්දැයි මෙතෙක් කිසිදු සඳහනක් නොමැත.
ඒ අනුව ඔහු සොයා අමෙරිකානු බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදවා තිබේ.
කෙසේ නමුත් එම හෙලිකොප්ටරයකට සෝදිසි මෙහෙයුමට ප්‍රවේශ විය නොහැකි නම්, ඒ සඳහා 'AC-130' යානයක් හරහා ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමටද අමෙරිකාව සූදානමින් සිටින බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.
