වසර 40කට පසු ඉරාකයට FIFA ලෝක කුසලාන වරම්

වසර 40කට පසු ඉරාකයට FIFA ලෝක කුසලාන වරම්

April 1, 2026   05:59 pm

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන සියලුම කණ්ඩායම් ඊයේ (31) නිල වශයෙන් තේරීපත්විය.

කණ්ඩායම් 48ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට අවසන්වරට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක වූයේ කොංගෝ සහ ඉරාකයයි.

ඉන් 'මෙසපොතේමියාවේ සිංහයන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඉරාක පාපන්දු කණ්ඩායමක් මෙලෙස පාපන්දු ලෝක කුසලාන වරම් හිමිකරගත්තේ වසර 40කට ආසන්න කාලයකට පසුව වීම සුවිශේෂීය.

බොලිවියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඉරාකය මෙම සුවිශේෂී කඩඉම සම්පූර්ණ කරගත්තේය.

ඉරාකය අවසන්වරට පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩාකර තිබුණේ 1986 වසරේ මෙක්සිකෝවේ පැවති අදියරේදීය.

ඒ අනුව ඉරාකය ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය, එරට වැසියන් බැග්ඩෑඩ් නුවරට රැස්ව යුද්ධය නොතකමින් සැමරීමට කටයුතු කළේය.

මෙවර පාපන්දු ලෝක කුසලානය එළැඹෙන ජුනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.