වනිඳු හසරංගට විනය පරීක්ෂණයක් ?

වනිඳු හසරංගට විනය පරීක්ෂණයක් ?

March 28, 2026   01:35 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවට වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී සිටින සියලුම ක්‍රීඩකයන් සඳහා පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වනිදු හසරංග හේතු නොදක්වා අවස්ථා 3කදී මඟහරිමින් උසස් තාක්ෂණික මධ්‍යස්ථානය තුළ පුහුණුවීම් සිදුකර ඇති පසුබිමකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කර තිබුණේ ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වියයුතු බවත්, එම පරීක්ෂණයෙන් සමත්වන ක්‍රීඩකයින්ට පමණක් දේශීය තරග සහ විදෙස් ලීග් තරග සඳහා සහභාගීවීමට නිල අවසරය ලබා දෙන බවය.