මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
March 28, 2026 03:03 pm
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බව සභාපතිවරයා කියා සිටියේය.
මේ අතර ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද මධ්‍යම රාත්‍රීයේදී සිදු කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
