යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ආරම්භ වෙයි

යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ආරම්භ වෙයි

March 28, 2026   02:05 pm

යල කන්නයේ ලුණු අස්වනු නෙලීම අද (28) පෙරවරුවේ හම්බන්තොට මහලේවායේදී ආරම්භ විය. 

මෙම අවස්ථාවට එක්වෙමින් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී මෙරටට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවය. 

මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ ඉන්ධන සහ සෙසු ද්‍රව්‍යයන්වල මිල ඉහළ ගිය ද ලුණු මිල තවමත් ඉහළ ගොස් නොමැති බව ඔහු සඳහන් කළේය. 

පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලේවායන් තුනෙහි ලුණු මෙට්‍රික් ටොන් අනූදාහකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි බව මේ වනවිට ඇස්තමේන්තු ගත කර ඇත. 

පවතින වියළි කාලගුණ තත්ත්වය තුළ ඉදිරියේදී ලුණු නිෂ්පාදනය වැඩිවීමට ඉඩ ඇතැයි ටී. නන්දන තිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.