ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්න බංග්ලාදේශය සූදානම්ද ?
සයුරෙන් එතෙර

ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්න බංග්ලාදේශය සූදානම්ද ?

March 25, 2026   10:31 am

බටහිර ආසියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ විවිධ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් ඇතිවී තිබෙන බවය.

රට තුළ අවශ්‍ය කරන නියමිත ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ද දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය තීරණාත්මක පියවර ගත යුතු බවත්, පිරවුම්හල්වල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි.

රජයට අයත් ඉන්ධන සැපයුම්කරු වන බංග්ලාදේශ පෙට්‍රෝලියම් සංස්ථාව යටතේ ඇති තෙල් සමාගම් දිනපතා සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය පවතින ඉල්ලුමට සාපේක්ෂව පැහැදිලිවම ප්‍රමාණවත් නොවන බව බංග්ලාදේශ පෙට්‍රෝලියම් පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසා තිබේ.