ඉරානයේ අන්තර්ජාල තහනම තවදුරටත්

ඉරානයේ අන්තර්ජාල තහනම තවදුරටත්

March 25, 2026   02:28 pm

ඉරාන රජය විසින් එරටට පනවා ඇති අන්තර්ජාල තහනම දින 26ක් පුරා ක්‍රියාත්මක වන අතර, එය පැය 600 සීමාව පසුකර ඇති බව NetBlocks ආයතනය වාර්තා කර තිබේ.

මෙම තහනම නිසා ඉරාන වැසියන්ට ජාත්‍යන්තර තොරතුරු ජාලයන්ගෙන් වෙන් වීමට සිදුවී ඇති අතර, යුද සමයක තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මෙයින් උල්ලංඝනය වන බව ඇතැම් පරීක්ෂණ කණ්ඩායම් පවසයි.

ඇතැම් පිරිස් විටින් විට මෙම තහනම නොතකා අන්තර්ජාලයට සම්බන්ධ වීමට උත්සාහ කිරීම හේතුවෙන් පුද්ගලයින් 466ක් පසුගිය දිනයන්හි එරට රජය විසින් අත්අඩංගුවට ද ගෙන තිබුණි.