සයුරෙන් එතෙර
මෝදිගේ රුසියානු සංචාරයක් ගැන ඉඟියක්
March 24, 2026 03:50 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට පිළිගැනීමට තමන් මහත් උනන්දුවෙන් පසුවන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබේ.
මොස්කව් සිට අදහස් දක්වමින් ඔහු, ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අගය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෝක බල දේශපාලනය වෙනස් වෙමින් පවතින පසුබිමක, ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහිත ස්ථාවර බලවේගයක් ලෙස ඉන්දියාව වඩ වඩාත් කැපී පෙනෙන බව රුසියානු විදේශ ඇමති පවසා ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේදී ඉහළ මට්ටමේ සාකච්ඡාවල වැදගත්කම ද අවධාරණය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට පිළිගැනීමට තමන් මහත් උනන්දුවෙන් පසුවන බවද ඔහු පවසා තිබේ.
