ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්
March 26, 2026 06:39 pm
වර්තමානයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ජල සැපයුම හා ජල පරිභෝජනය පිළිබඳ සිදුකළ කරුණු පැහැදිළි කිරීමට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් සීඝ්රයෙන් පහළ යමින් පවතින බවය.
ජලය අපතේ යාම අවම කරමින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිභෝජනය කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
එසේ නොවුවහොත්, විශේෂයෙන් උස් ප්‍රදේශවල ජල පීඩනය අඩුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.
ඒ අනුව, සාමාන්‍ය ජල සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවද, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙහි ප්‍රධාන විසඳුම බවද මණ්ඩලය අවධාරණය කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා,
"ජලය අපතේ යන තැන් ඒ වගේම ජලය පාවිච්චි කිරීමේදී අරපිරිමැස්මක් නැතුව පාවිච්චි කරන තැන් පුළුවන් තරම් අවම කරගන්න. එහෙම අවම කරගෙන ජල පරිභෝජනය යම් අවම මට්ටමකට ගෙන එන්න පුළුවන් නම් අපිට ඉරිදියේදී ගැටලුවක් නැතුව ජල සම්පාධනය කරන්න ඉතාමත් පහසුවෙන් පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපිට සමහර ප්‍රදේශවල, තියෙන උස් ප්‍රදේශවලට ඇතැම් පයිප්ප ලයින්වල කෙළවරම ස්ථානවලට යනකොට පීඩනය අඩුවෙන්න පුළුවන්. අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන්න සිදුවෙන්න පුළුවන් ඉතින් මේක නිසා. අපි ජනතාවගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය එක්ක ජලය පරිහරණය කරද්දි ඉතාමත්ම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මීට මාස කිහිපයකට කලින් දිට්වා සුළි කුණාටුවෙන් ඉතාමත් දැඩි වර්ෂාපතනයක් ඇති වුණත් මේ මොහොත වෙනකොට එ්ක නැවතත් වියළි කාලගුණ තත්ත්වයක් දක්වා පත්වෙලා තියෙන්නේ. අපේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රෙයන් පහළ බසිමින් යන්නේ ඒ නිසා අපිට ජලය ලබාගැනීමේ තිබෙන අවස්ථාව තවදුරටත් පැවතුණත් ඉදිරි කාලයේදී මේ නියං තත්ත්වය තදුරටත් දරණු තත්ත්වයකට පත් වුණොත් යම් යම් සීමා කිරීම් සිදුකරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ තත්ත්වයකට නොයා ජලය පුරුදු විදිහට සම්පාධනය කිරීමේ හැකියාව තියාගන්න පුළුවන් වෙයි යම් අරපිරිමැස්මකට යටත්ව අපි ජලය පරිභෝජනය කරනවානම්. ඒක තමයි අපි ජනතාවගෙන් මූලික විදිහට ඉල්ලනේ මේ වියලි කාලගුණක තත්ත්වය හමුවේ."
