මිත්‍ර රටවල කාර්යභාරය ඉරානය අගය කරයි
සයුරෙන් එතෙර

මිත්‍ර රටවල කාර්යභාරය ඉරානය අගය කරයි

March 6, 2026   10:42 pm

ඉරානය කලාපීය සාමය අගය කරන නමුත් තම රටේ ස්වෛරීභාවයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව දැඩිව පෙනී සිටින බව ඉරාන විදේශ ඇමති පවසයි.

එමෙන්ම ඔහු අවධාරණය කර ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර ඉරානයට තම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ හිමිකම පවතින බවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සමග දුරකථන සංවාදයකට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙම සංවාදයේදී ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

එහිදී කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සමනය කිරීමට සහ ස්ථාවරත්වය ඇති කිරීමට ඉන්දියාව වැනි මිත්‍ර රටවල් ඉටුකරන කාර්යභාරය ද ඉරාන විදේශ අමාත්‍යවරයා අගය කර තිබේ.