ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව කාලෝස් ඇල්කරේස්ට 

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව කාලෝස් ඇල්කරේස්ට 

February 1, 2026   06:26 pm

2026 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරේස් සමත් විය. 

ඒ අද (1) පැවති අවසන් මහා තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත් කරමින්ය. 

වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි අංක 4 රැඳී සිටින ජොකොවිච් මෙහිදී ඇල්කරේස් හමුවේ තරග වට 3-1( 2-6 6-2 6-3,7-5)ක් ලෙස පරාජයට පත්විය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා වන ජොකොවිච්, අවස්ථා 10කදී මෙහි ශූරතාව දිනාගෙන තිබුණි.

22 හැවිරිදි වියෙහි පසුවන ඇල්කරේස් ලැබූ මෙම ජයත් සමග ඔහු ඔස්ට්‍රේලියා විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් හා අමෙරිකානු විවෘත යන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරම අවම වශයෙන් එක් වරක් හෝ ජයගත් ලොව ළාබාලතම ක්‍රීඩකයා ලෙස ‍වාර්තා අතරට එක්විය.