මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් පහරදීමක්
February 1, 2026 07:33 pm
ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසන්නේ ඉදිරියේදීත් මෙවැනි පහරදීම් සිදුවුවහොත් ධීවරයින්ට සිය රැකියා අත්හැර දැමීමට සිදුවනු ඇති බවය.
වෙන්නප්පුව වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක ධීවරයින් 12 දෙනෙකුට පසුගිය 29 වන දින මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබේ.
ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුවු බව ධීවරයින් පවසයි.
පහර කෑමට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් විසින් මෙරටට රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබේ.
අනෙක් ධීවරයින් පිරිස අද (01) පෙරවරුවේ සිය යාත්‍රා මගින් වෙන්නප්පුව වෙල්ලමංකරය වරාය වෙත පැමිණ තිබුණි.
