ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර

August 25, 2025   09:02 am

ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව සඳහන් කර සිටියේ ජනාධිපති මන්දිරයේ පිහිටා ඇති හමුදා සංකීර්ණයක්, විදුලි බලාගාර දෙකක් සහ ඉන්ධන ගබඩා ස්ථානයක් තම ඉලක්ක අතරට ඇතුළත් වු බවය.

හවුති ත්‍රස්තවාදී විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව හමුදාව වැඩිදුරටත් පැවසුවේය.