සයුරෙන් එතෙර
ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
August 12, 2025 09:28 pm
ඉන්දියාව සහ ඕමානය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම අවසන් කිරීම සහ අත්සන් කිරීම ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වෙළෙඳ ගිවිසුම සඳහා අඩංගු කරුණු ඕමානයේදී අරාබි භාෂාවට පරිවර්තනය කිරීම සිදුකරන බව එම වාර්තාවල දැක්වෙයි.
ඉන් අනතුරුව දෙරටේම කැබිනට් මණ්ඩලය ගිවිසුමට අනුමැතිය ලබාදීමට නියමිත ය.
විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (CEPA) ලෙස නිල වශයෙන් හැඳින්වෙන ගිවිසුම සඳහා වන සාකච්ඡා විධිමත් ලෙස 2023දී ආරම්භ කර තිබුණි.
එවැනි ගිවිසුම්වලදී තීරුබදු සැලකිය යුතු ලෙස අඩු කිරීම හෝ ඉවත් කිරීම සිදුවෙනු ඇති.