ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
August 12, 2025 06:52 pm
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.