මෝදි සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

මෝදි සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡාවක්

August 12, 2025   04:06 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර දුරකථන සාකච්ඡාවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයා සමග මෙලෙස දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවය.

එහිදී රුසියානු යුද්ධයට ඉක්මන් සහ සාමකාමී විසඳුමක අවශ්‍යතාවය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය මෝදි ප්‍රකාශ කර ඇත.

එම සාමය සහතික කිරීම සඳහා හැකි සෑම සහායක්ම ලබාදීමට ඉන්දියාව කැපවී සිටින බව මෝදි පවසා තිබේ.

එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තර කරගැනීමේ වැදගත්කම ද නායකයින් දෙපළ එහිදී අවධාරණය කර ඇත.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරටටම වැදටත් කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.