සයුරෙන් එතෙර

පිලිපීනයට ඉන්දියාවෙන් නොමිලේ e වීසා 

August 7, 2025   05:24 pm

ඉන්දියාව පිලිපීන සංචාරකයින්ට නොමිලේ විද්‍යුත් වීසා ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.

ඒ, ඉන්දීය ජාතිකයින්ට වීසා රහිත ප්‍රවේශය ලබාදීමට පිලිපීනය ගත් තීරණයෙන් අනතුරුවය.

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත පිලිපීන ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කළ අතර එහිදී මෝදි විසින් මේ බව නිවේදනය කර තිබුණි.

එමෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ද නායකයින් දෙදෙනාම එකඟවී ඇත.

එමෙන්ම මෙම වසර තුළ දිල්ලි සහ මැනිලා අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද කටයුතු කරන බව අගමැති මෝදි පවසයි.