සයුරෙන් එතෙර
අමෙරිකාව රුසියාවෙන් සිදුකරන ආනයන ගැන ඉන්දියාව අවධානයෙන්
August 6, 2025 03:26 pm
රුසියාවෙන් සිදුකරන තෙල් ආනයන පදනම් කරගනිමින් ඉන්දියාවට ඉහළ තීරු බදු පැනවීමට කටයුතු කරමින් සිටින අමෙරිකාව රුසියාවෙන් සිදුකරන ආනයන සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය අනාවරණයක් සිදුකර තිබේ.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය පවසන්නේ 2025 ජනවාරි සහ මැයි අතර කාලයේදී අමෙරිකාව රුසියාවෙන් සිදු කළ ආනයනය වසරින් වසර සියයට 23 කින් එනම් ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළ ගොස් ඇති බවය.
එලෙස සිදුකරන ආනයනය අතර බොහෝ දුරට යුරේනියම් සහ පොහොර අයත් බවද සඳහන් කරයි.
එමෙන්ම අමෙරිකාව මෙම ආනයන සිදුකර ඇත්තේ රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක නොතකා බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
අමෙරිකාව රුසියාවෙන් යුරේනියම් ආනයනය වසරින් වසර සියයට 28කින්, ඩොලර් මිලියන 596ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 ට වඩා සියයට 150කින් ඉහළ යාමක් බවද එම වාර්තා පෙන්වා දෙයි.