නරේන්ද්‍ර මෝදි අගමැති ධුරයෙන් වාර්තා තබයි
සයුරෙන් එතෙර

නරේන්ද්‍ර මෝදි අගමැති ධුරයෙන් වාර්තා තබයි

July 25, 2025   01:50 pm

ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා ලෙස වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) වාර්තා අතරට එක්වුණි.

ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් එරට අගමැති ධුරය දරමිනි.

මීට පෙර ඉන්දියාවේ දෙවැනියට වැඩිම ධුර කාලයක් දැරූ අගමැතිවරයා වූයේ දින 4,077ක කාලයක් අගමැති ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි ය.

1947 සිට 1964 වසර දක්වා ධුර දැරූ හිටපු අගමැති ජවහර්ලාල් නේරු, ඉතිහාසයේ වැඩිම කාලයක් ධුරය දරා ඇති ඉන්දිය රාජ්‍ය පාලකයා වෙයි.