ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී 

ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී 

July 26, 2025   09:00 am

ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් 100 මුදල් නෝට්ටු 4000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත කඳවුරේ නිලධාරීන් කණ්ඩාමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 28ක් වන චීන ජාතික පුද්ගලයෙකු බවය.

කහවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීම ව්‍යාජ ලෙස සකස් කරන ලද මැණික් ගල් කිලෝ 06යි ග්‍රෑම් 32 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, අයිපෑඩ් 01ක් හා ජංගම දුරකථනයක්ද සොයා ගෙන තිබේ.

එම සැකකරුද වයස අවුරුදු 52ක් වන චීන ජාතික පුද්ගලයෙකි.