නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 65ක් නාවික හමුදා භාරයට
July 26, 2025 04:36 pm
ගතවූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 65 දෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම සහ මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිත වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් සිය භාරයට ගෙන ඇත.
තහනම් ධිවර දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතය, වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය යන නීතිවිරෝධි කටයුතුවලට අදාළව මෙම සැකකරුවන් 65 දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එමෙන්ම එහිදි ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 16 සමඟ තහනම් ධීවර දැල් 05ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබේ.