සයුරෙන් එතෙර
තායිලන්තය සහ කාම්බෝජය අතරත් යුද ගැටුම්
July 24, 2025 11:11 am
මතභේදාත්මක දේශසීමා ප්‍රදේශයක දී තායිලන්ත හමුදාව හා කාම්බෝජ හමුදාව අතර ගැටුම් හටගෙන තිබේ.
අද (24) අලුයම දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර පළමුව ප්‍රහාර ආරම්භ කර ගැටුමක් ඇති කිරීම පිළිබද ඔවුනොවුන්ට චෝදනා එල්ල කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාර වලින් තායිලන්ත සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තායිලන්ත හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
නැගෙනහිර තායිලන්තයේ තා මෝන්තොම් නම් ආගමික ස්ථානය ආශ්‍රිත දේශ සීමාවේ මෙම ගැටුම් හටගෙන ඇත.
මෙම උද්ගත වු තත්වයත් සමග අදාළ ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන 26ක පදිංචිකරුවන් 40,000ක පමණ පිරිසක් එම ස්ථාන වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද තායිලන්ත බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය මගින් අනාවරණය වේ.