මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්ධීය ධීවරයින් 07ක් රිමාන්ඩ්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්ධීය ධීවරයින් 07ක් රිමාන්ඩ්

July 25, 2025   07:47 pm

නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධීවරයින් 07 දෙනෙකු එළැඹෙන අගොස්තු මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් පසුගිය 13 වැනි දින මුහුදු මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 07 දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව නාවික හමුදාව විසින් ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටුව කන්කසන්තුරේ නාවික හමුදාව වෙත භාර දෙන ලද අතර විමර්ශනවලින් පසු නාවික හමුදාව ඔවුන් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දෙන ලදී.

විමර්ශනවලින් පසු එදින ධීවරයින් විනිසුරුවරයාගේ නිවසට ඉදිරිපත් කිරීමෙන් පසු අද (25) දිනය දක්වා රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණි.

අද දිනයේදී නැවත ධීවරයාගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, මහෙස්ත්‍රාත්වරයා ඔවුන් අගෝස්තු 6 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මේ අතර, මේ වසරේ මේ දක්වා තමිල්නාඩු ධීවරයින් 185 දෙනෙකු බෝට්ටු 25 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.