සයුරෙන් එතෙර
ඉන්දියාවේ පහල්ගම් ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් අනාවරණයක්
July 18, 2025 10:36 am
පුද්ගලයින් 26 දෙනෙකු මරණයට පත් කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම් හිදී සිදුකළ ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව අනාවරණයක් සිදුකර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, පසුගියදා සිදුකළ මෙම ප්‍රහාරයට චෝදනා ලැබූ කණ්ඩායම 'ත්‍රස්තවාදී' සංවිධානයක් ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් අනාවරණය කර ඇති බවය.
අමෙරිකාව පවසන්නේ ප්‍රහාරය සිදුකළ The Resistance Front (TRF) කණ්ඩායම "විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස නම් කර ඇති බවය.
එමෙන්ම එම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ ප්‍රහාරයේ වගකීම ද එම ත්‍රස්තවාදී සංවිධානය භාරගෙන ඇති බවය.
මාර්කෝ රුබියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ TRFයනු ලෂ්කර්-ඊ-තායිබා (LeT) කණ්ඩායමේ ශාඛාවක් බවය.