ට්‍රම්ප් ලෙඩ වෙයි
සයුරෙන් එතෙර

ට්‍රම්ප් ලෙඩ වෙයි

July 18, 2025   01:52 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත රුධිර නාලිකා ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩාවිඳින බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ජනාධිපතිවරයාගේ දකුණු අත ඉදිමී තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් ප්‍රශ්න කරමින් සිටි පසුබිමක ධවල මන්දිර මාධ්‍ය ලේකම් මාධ්‍ය ප්‍රකාශිකා කැරොලීන් ලෙවිට් මේ බව අනාවරණ කරයි.

79 හැවිරිදි ජනාධිපතිවරයා මීට පෙර ඔහුගේ කකුල් ඉදිමීමෙන් පසු, පුළුල් පරීක්ෂණයකට භාජනය වූ බව ද වාර්තා වේ.
   
නිතර තමාගේ යහපත් සෞඛ්‍යය ගැන පවසන ඔහු, වරක් "මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා" තමා ලෙස අර්ථකථනය කර තිබේ.