බංග්ලාදේශයට ලකුණු 133ක ඉලක්කයක්
July 16, 2025 08:39 pm
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස්කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහේදි හසන් කඩුලු 4ක් දවාගත්තේය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 133ක ඉලක්කයක් හිමිව තිබේ.