පාකිස්ථානයේ කාලගුණය දරුණු අතට -  පැය 24ක් තුළ 63ක් මරුට
සයුරෙන් එතෙර

පාකිස්ථානයේ කාලගුණය දරුණු අතට - පැය 24ක් තුළ 63ක් මරුට

July 17, 2025   04:34 pm

පාකිස්ථානයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 63ක් මිය ගොස් තවත් 290 දෙනෙකු තුවාල ලබා තිබේ.

එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට සඳහන් කළේ මිය ගිය පිරිසෙන් බොහෝ දෙනෙකු කඩා වැටෙන ගොඩනැගිලිවලට යට වී මිය ගොස් ඇති අතර, අනෙක් පිරිස දියේ ගිලී හෝ විදුලි සැර වැදී මිය ගොස් ඇති බවය.

ජුනි මාසයේ අග භාගයේ පටන් පාකිස්ථානයට මෝසම් වැසි සක්‍රීය වී ඇති අතර මේ වන විට රට පුරා මියගිය සංඛ්‍යාව 180කට ආසන්න වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගංවතුර හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තය පුරා අධිවේගී මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර ගුවන් ගමන් බොහෝමයක් ද අවලංගු කර තිබේ.

එමෙන්ම පන්ජාබ් බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ සති අන්තය වන විට මෙම වර්ශාපතනයෙහි වැඩි වීමක් හා  හදිසි ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය.

2022 වර්ශයේදී ද මෝසම් ගංවතුරෙන් එරටෙන් තුනෙන් එකක් ජලයෙන් යට වූ අතර පුද්ගලයින් 1,700ක් මිය ගොස් තිබේ.

එමෙන්ම එමඟින් රටට ඩොලර් බිලියන 30 ඉක්මවන ආර්ථික හානියක් ද සිදු වී ඇති බව වාර්තා වෙයි.