ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
සයුරෙන් එතෙර

ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

July 16, 2025   02:50 pm

රුසියාවේ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග සහ යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳව එලෙස සාකච්ඡා කර ඇති බවය.

චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනා හමුවී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

රුසියාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවය සඳහා අංශ කිහිපයක් ඔස්සේ සාකච්ඡා පැවැත්වුණු බවත් රුසියානු විදේශ අමාත්‍යංශය පවසයි.