සතුරු ඩ්‍රෝන ප්‍රහාර වළක්වන ඉන්දියාවේ D4 සඳහා වැඩි ඉල්ලුමක්
සයුරෙන් එතෙර

සතුරු ඩ්‍රෝන ප්‍රහාර වළක්වන ඉන්දියාවේ D4 සඳහා වැඩි ඉල්ලුමක්

June 10, 2025   02:51 pm

චීනයෙන් එල්ල වන පීඩනය ඉහළ යාම හමුවේ තායිවානය ඉන්දියාවෙන් D4 වර්ගයේ ඩ්‍රෝන් ප්‍රතිරෝධී පද්ධතියක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පද්ධතිය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් සංවර්ධනය කරන ලද්දකි.

පාකිස්තානයට එරෙහි සින්දූර් මෙහෙයුමේදී පාකිස්තානය විසින් එල්ල කරන ලද තුර්කියේ නිෂ්පාදිත ප්‍රහාරක ඩ්‍රෝන යානා විනාශ කිරීම හමුවේ ඉන්දියාවේ D4 වර්ගයේ ඩ්‍රෝන් ප්‍රතිරෝධී පද්ධති සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ.