
උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ.
උතුරු කොරියාවේ ගිනිකොන දිග වෙරළබඩ නගරයක් වන වොන්සාන් සිට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ මිසයිල දියත් කිරීම හෙළා දකිමින් දකුණු කොරියානු ආරක්ෂක අංශ පෙන්වා දී ඇත්තේ මෙමඟින් කලාපයේ සාමයට බරපතළ තර්ජන එල්ල වන බවය.



















































