සයුරෙන් එතෙර
මියන්මාරයේ තවත් භූකම්පනයක්
March 30, 2025 04:22 pm
මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ.
මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක හටගත් එම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය 28 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන මාලාවක් ද ඒ ආශ්‍රිතව වාර්තා වී තිබුණි.
එම භූකම්පනයෙන් මියන්මාරයේ පුද්ගලයින් 1700 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.
තවත් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කර ඇත