සයුරෙන් එතෙර
චාල්ස් රජුගේ රෝගී තත්ත්වය ගැන දැනුම්දීමක්
March 28, 2025 01:12 pm
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුට සිදුකරන පිළිකා ප්‍රතිකාරවලින් ඇතිවූ තාවකාලික සංකූලතාවක් හේතුවෙන් රජුට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවී තිබේ.
බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රජතුමා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇතත් අද දිනට නියමිත සියලුම රාජකීය කටයුතු අවලංගු කර ඇති බවය.
කෙසේ වුවද රජුගේ රෝගී තත්ත්වය පිළිබඳව මාළිගය මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත.