චෙරි මලින් පිරී ගිය වොෂින්ටනය

චෙරි මලින් පිරී ගිය වොෂින්ටනය

March 31, 2025   09:24 am

වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබේ.

ඒ අනුව වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සකුරා එසේත් නැතිනම් චෙරි මල් සම්බන්ධව වඩාත් ප්‍රකටම රාජ්‍යය වන්නේ ජපානයයි.

කෙසේ නමුත් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයත් සෑම වසරකම මාර්තු මාසයේ දී චෙරි මලින් පිරී යතී.

ඒ සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනා ගනිමිනි.

මේ අපූරු දර්ශනය නැරඹීමට එන ඇතැම් පිරිස් වාර්ෂිකව එය නැරඹීමට යන පිරිස් වීම විශේෂත්වයකි.

මෙලෙස චෙරි මල් පිපීමෙන් අඳුරු ශිත සමයේ අවසානයත් වසන්ත සමයේ උදාවත් සනිටුහන් කෙරේ.

ඒ අනුව සෑම වසරකම ජාතික චෙරි මල් වසන්තය සැමරීමටත් වොෂින්ටන් නුවර වැසියන් පියවර ගනී.

වාර්තා අනුව ජපානය 1912 දී අමෙරිකාවට ත්‍යාග ලෙස චෙරි ගස් ලබා දී තිබේ.

ඒ ජපාන සහ අමෙරිකානු ජනතාව අතර මිත්‍රත්වය සනිටුහන් කරමිනි.

ඒ අනුව ජපානය සේම අමෙරිකාවත් වාර්ෂිකව චෙරි මල් වසන්තය සැමරීමෙන් දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කෙරේ.