පළමු ජය රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට‍

පළමු ජය රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට‍

March 23, 2025   08:25 am

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ (22) පැවති පළමු තරගයේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර්  බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.  

ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 174කි.

අජින්කෙයා රහනේ ලකුණු 56ක් සහ සුනිල් නාරායන් ලකුණු 44ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී විරාත් කෝලි නොදැවී ලකුණු 59ක් සහ පිල් සෝල්ට් ලකුණු 56ක් ලබා ගත්තේය.