නේපාලයේ භූ කම්පනයක්
සයුරෙන් එතෙර

නේපාලයේ භූ කම්පනයක්

February 28, 2025   09:05 am

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ  සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ.

නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ එරට වේලාවෙන් අලුයම 2:51ට පමණ මෙය සිදුව ඇති බවයි.

මෙය නේපාලයේ ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී ඇත.

එමෙන්ම නේපාලයට උතුරු දෙසින් පිටිටි ටිබෙටය, චීනයේ මායිම් ප්‍රදේශවලට මෙන්ම නේපාලයට දකුණු දෙසින් පිහිටි ඉන්දියාවට පවා මෙහි කම්පනය දැනී තිබේ.

මෙම භූ කම්පනයෙන් සිදු වූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවන අතර, සිදු වූ හානිය නේපාල බලධාරීන් තක්සේරු කරමින් සිටී.