ගුවන්යානා අනතුරකින් 20ක් මරුට
සයුරෙන් එතෙර

ගුවන්යානා අනතුරකින් 20ක් මරුට

February 26, 2025   12:41 pm

සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (25) මෙම ගුවන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරින් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන්  20කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකටය.

ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පැවසීය.