සයුරෙන් එතෙර
බංග්ලාදේශයේ සරසවියක ගැටුමක් - සිසුන් 150කට තුවාල
February 19, 2025 05:43 pm
බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට එම විශ්වවිද්‍යාලයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවද සඳහන් ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
හිටපු අගමැති ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පලවා හැරීමට මුල්වූ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවද වාර්තා වෙයි.