ශ්‍රී ලංකාව ලකුණු 54ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 54ක් ඉදිරියෙන්

February 8, 2025   05:54 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියාව සමත්ව සිටී.

තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේ ලකුණු 54ක් ඉදිරියෙන් සිටිමිනි.

ඊයේ (07) දිනයට තරගය නතර කරනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවි ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද සමත්වුණි.

ස්මිත් ලකුණු 131ක් සහ  ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළ අතර  පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ නිෂාන් පීරීස් කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල අද දිනය අවසන් කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටී.

දිමුත්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ලකුණු 14කට සීමා වූ අතර ඔහු පිටියෙන් නික්ම ගියේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියලුදෙනාගේ අත්පොළසන් මැදින්ය.