ජල ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

February 8, 2025   07:39 pm

විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව සංශෝධනය මේ මස අවසානයේදී සිදුකිරීමට නියමිත බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාව තමාට ලැබී ඇති බවය.

අදාළ යෝජනාව විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව රංජිත් ආරියරත්න මහතා පැවසීය.

මෙවර සංශෝධනයේදී සියයට 10ත් 30 අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට හැකිවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කළේය.